සිමෙන්ති කළු කඩ සොයා රට පුරා මෙහෙයුම්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
26

සිමෙන්ති කළු කඩ සොයා රට පුරා මෙහෙයුම්

සිමෙන්ති කළු කඩ සොයා රට පුරා මෙහෙයුම්

නියමිත මිලට වඩා වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන ව්‍යාපාරිකයන් සොයා පාරිභෝගික සේවා අධිකාරිය විසින් රට පුරා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

 

ඒ අනුව පසුගිය දින කිහිපය තුළ සිදුකළ මෙහෙයුම්වලදී දිවයින පුරා පිහිටි ව්‍යාපාරික ස්ථාන 56ක වැටලීම සිදු කර තිබෙනවා.

 

සිමෙන්ති අලෙවි නොකිරීම, කොන්දේසි සහිතව අලෙවි කිරීම,සන්තකයේ තබා ගෙන නොමැති බව පැවසීම නොකළ යුතු බව පාරිභෝගික අධිකාරිය පනතෙහි සටහන් වන අතර එලෙස තොග සඟවාගෙන සිටින වෙළඳුන් ගේ තොග තහනමට ගැනීමට සහ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රාජසන්තක කිරීමට පාරිභෝගික අධිකාරියට බලතල හිමි වී ඇත.

views

766 Views

Comments

arrow-up