SEP
01
දහම් සිරිසේනට අලුත් පට්ටමක්..!

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන පොලොන්නරුව බටහිර ආසනයේ නව ශ්‍රී.ල.නි.ප සංවිධායකවරයා ලෙස පත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පොලොන්නරුව දිස්ත්‍රික් තරුණ බල මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ දහම් සිරිසේනගේ පත්විම පක්‍ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් දහම් සිරිසේන මහතා වෙත එම තනතුරට අදාල පත්වීම් ලිපිය පිරිනමනු ලැබීය.
මීට පෙර මෙම ධුරය දැරුවේ උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සහ වයඹ පළාත් හිටපු ආණ්ඩුකාර පේෂල ජයරත්නයි.
276 Views
Comments