JUN
18
දුම්රියෙන් ඇද වැටී තරුණයෙකු මරුට

මාතර දුම්රිය ස්තානයේ දී දුම්රියෙන් ඇද වැටීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ(17) රාත්‍රියේදී මාතර සිට බෙලිඅත්ත දෙසට ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රියට ගොඩවීමට උත්සහ කිරීමේදී මෙම අනතුර සිදුවී තිබෙනවා.
අසල පිරිස පැයකට ආසන්න කාලයක් තරුණයාව පිටතට ගැනීමට උත්සහ කර ඇති අතර පිටතට ගන්න විටත් ඔහු මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.
මියගිය තරුණයා දික්වැල්ල වැවුරුකන්නල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අයෙක්.
294 Views
Comments