සල්ලි නෑ කිව්වත් නව වසරේ නුවරඑළිය දේශීය සංචාරකයන්ගෙන් පිරේ - කොරෝනා නීතිත් කැලේ

නව වසර උදාවත් සමඟ නුවරඑළිය නගරයට දේශිය සංචාරකයින් විශාල පිරිසක් පැමිණ සිටින අයුරු දක්නට ලැබේ.
එම සංචාරකයින් දෙසැම්බර් 31 දින රාත්‍රියේ සිට නුවරඑලියට පැමිණ නුවරඑලියේ සංචාරක හෝටල්වල නවාතැන් ගෙන ග්‍රේගරි වැව ඇතුළු නුවරඑලියේ ස්ථාන කිහිපයකම විනෝද වෙමින් සංචාරය කරන ආකාරයක් දක්නට ලැබුණි.
එලෙස පැමිණි ඇතැම් සංචාරකයින් නිරෝධායන උපදෙස් වලට පටහැනිව හැසිරෙන අයුරුද නිරීක්‍ෂණය විය.
ග්‍රේගරි වැවේ ජලය යලි පිරවිමත් සමඟ සංචාරකයින් ග්‍රේගරි වැවේ බෝට්ටු සංචාරයේ යෙදෙන අතර, ග්‍රේගරි වැවේ බෝට්ටු සංගමය විසින් සෞඛ්‍ය මාර්ග උපදෙස් වලට අනුකුලව සංචාරකයන් බෝට්ටු සවාරිය රැගෙන යනු ලබයි.
732 Views
Comments