ජනපති නිදහස් සැමරුම් උළලේ වියදම් කපා හරියි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
26

ජනපති නිදහස් සැමරුම් උළලේ වියදම් කපා හරියි

ජනපති නිදහස් සැමරුම් උළලේ වියදම් කපා හරියි

නිදහස් උළෙල සැමරීමට අවශ්‍ය වියදම් ඇස්තමේන්තු ගත කිරීමේදී හා වියදම් කිරීමේදී රටේ වත්මන් මූල්‍ය තත්ත්වය පිළිබඳ අවධානය යොමු කිරීම දේශපාලන අධිකාරියේ සේම නිලධාරීන්ගේ ද වගකීමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

 

75 වන නිදහස් දින උත්සවය සැමරීමට වෙන් කර ඇති මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් ජනතාවගේ දැවැන්ත විරෝධයක් පවතින බව කී ජනාධිපතිවරයා ඒ කෙරෙහිද දැඩි අවධානය යොමු කරමින් වියදම් අවම කර ගැනීමට කටයුතු කරන්නැයි නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

 

නිදහස් දින සැමරුම් උත්සවය උත්කර්ෂවත් මෙන්ම අභිමානවත් ලෙස අවම පිරිවැයක් යටතේ සැමරීම සම්බන්ධයෙන් වූ පූර්ව සාකච්ඡාවක් අද(26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර ජනාධිපතිවරයා එහිදී මේ බව සඳහන් කළේය.

 

views

220 Views

Comments

arrow-up