සිසුවෙකුට අමානුෂිකව පහරදුන් ගුරු හිමිනම අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
21

සිසුවෙකුට අමානුෂිකව පහරදුන් ගුරු හිමිනම අත්අඩංගුවට

සිසුවෙකුට අමානුෂිකව පහරදුන් ගුරු හිමිනම අත්අඩංගුවට

බේරුවල පාසලක 7 වසරේ සිසුවකුට රෝහල්ගතව ප්‍රතිකාර ගන්නා තත්ත්වයකට වේවැලකින් අමානුෂික ලෙස පහර දුන් බව කියන එම පාසලේ සැකකාරගුරු හිමි නමක් බේරුවල පොලිසිය මගින්  (20) අත්අඩංගුවට ගත් බව කියයි.

 


පාසලේ එකම පන්තියේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකු අතර ඇතිවු දබරයක් මුල්කරගෙන පන්තිභාර ගුරු හිමිනම ඉන් එක් සිසුවෙකුට මෙසේ දඬුවම් ලෙස වේවැලෙන් විශාලවාර ගණනක්  ඒම සිසුවාගේ පිටට උරහිස් සහ අත් වලටදඬුවම් දුන් බව කියා සිය මව සමඟ බේරුවල පොලිසියට කළ පැමිණිලි කර තිබේ.

 


පසුව පරීක්ෂණ පවත්වා පාසලට ගොස් නියෝජ්‍ය විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරයෙකුගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මෙම සැකකාර හිමි නම බේරුවල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. පහරකෑමට ලක්වූ සිසුවා එකට ඉගෙනුම ලබන එකම පන්තියේ සම වයසේ තවත් සිසුවෙකු වූ අතර පාසල් ක්‍රීඩා පිටියේදී එකිනෙකා අතර ඇති වූ අඬදබරයක් හේතුවෙන් මෙම බාලවයස්කාර වයස  අවුරුදු 12 ක් වූ සිසුවට මෙසේ පහර දී තිබෙන බව විමර්ශන සිදුකළ පොලීසිය කියයි.

 


සැකකාර හිමිනමගෙන් බේරුවල පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර මේ වන විට එම සිසුවා බේරුවල පොලිසිය මගින් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර එස්.එස්.යු. ඒකකයේ ප්‍රතිකාර ලබන බව කියයි. පහරකෑමට ලක්වූ සිසුවා බේරුවල පොලිස් වසමට අයත් නවසි වත්ත ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත් සැකකාර එම හිමි පයාගල පොලිස්වසමේ වැඩ වාසය කරමින් එම පාසලේ දරුවන්ට ඉගැන්වීම සඳහා වැඩම කරන බව  පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්  ගුරුහිමියන් කළුතර අධිකරණයටඉදිරිපත් කිරීමට නියමිතය.

views

248 Views

Comments

arrow-up