නිවුන් දරුවන් ටියුෂන් රැගෙන යද්දී යතුරු පැදිය මෝටර් රථයේ ගැටී තිදරු මව මරුට - දරුවන්ටත් බරපතලයි

බුලත්සිංහල, ඈගල්ඔය මාර්ගයේ සිය නව හැවිරිදි නිවුන් දරු දෙදෙනා සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තිදරු මවක් මෝටර් රථයක ගැටීමෙන් මියගොස් ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි.
දරු දෙදෙනාද බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ බුලත්සිංහල මිනුවන්විල ප්‍රදේශයේ පදිංචිව සිටි චාන්දනී සුදේශිකා (38) තිදරු මවකි.
මියගොස් ඇති කාන්තාව සිය නිවුන් දරු දෙදෙනා උපකාරක පන්තියකට ඇතුළත් කිරීම සඳහා ඈගල්ඔය දෙස සිත සිට බුලත්සිංහල දෙසට ගමන් කර තිබේ.
එහිදී ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි මෝටර් රථයක ගැටී රෝහල් ගත කිරීමේදී ඇය මියගොස් ඇතැයි පොලිසිය කියයි.
නිවුන් දරු දෙදෙනා මෙන්ම මෝටර් රථය පැදවූ කාන්තාවද කම්පන තත්වයෙන් බුලත්සිංහල රෝහල වෙත ඇතුළත්කර ඇත. අනතුරින් ස්කූටරයට සහ මෝටර් රථයට බරපතළ අලාභ හානි සිදුවී තිබේ.
306 Views
Comments