මත්කුඩු සමඟ දෙදෙනෙකු එස්.ටී.එෆ්. අත්අඩංගුවට

හෙරොයින් සහ තවත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ දැනට විදේශ රටකට පළා ගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රත්මලානේ අංජු නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ජූඩ් ප්‍රියන්ත සහ ධර්මේ යන අයගේ ගෝලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් දෙදෙනා ගල්කිස්ස - රත්මලාන ප්‍රදේශයේදී ඊයේ(06) අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයට ලද තොරතුරකට අනුවයි.
සැකකරුවන් සතුව තිබී සොයාගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 30කට අධික වන අතර ඔවුන් භාරයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 104කට අධික ප්‍රමාණයක් සහ කේරළ ගංජා කිලෝ 4ක් ද අත්අඩංගුවට ගැණුනි.
ඊට අමතරව සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් 53,000කට අධික මුදලක්, ජංගම දුරකථන 3ක්, ඉලෙට්‍රොනික් තරාදි දෙකක්ද පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබෙනවා.
795 Views
Comments