මෙරට මුහුදු සීමාවට ඇතුලු වූ ඉන්දීය ධීවරයින් 35ක් නාවික හමුදා භාරයට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
09

මෙරට මුහුදු සීමාවට ඇතුලු වූ ඉන්දීය ධීවරයින් 35ක් නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාවට ඇතුලු වූ ඉන්දීය ධීවරයින් 35ක් නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවරයින් 35 දෙනෙකු වයඹ මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


 
වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සමග වයඹ  මුහුදේ, කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී ඔවුන් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසුවේය.

 

එහිදී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා හතරක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.


 
අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් කල්පිටිය නාවික නෞකා විජය ආයතනය වෙත රැගෙනවිත් ඇති අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔවුන් කල්පිටිය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතය.

views

198 Views

Comments

arrow-up