උතුරු කොරියාවේ දේශසීමා තරණය කළ Travis King
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
03

 උතුරු කොරියාවේ දේශසීමා තරණය කළ Travis King

 උතුරු කොරියාවේ දේශසීමා තරණය කළ Travis King

එක්සත් ජාතීන්ගේ අණදෙන නිලධාරියා තහවුරු කර තිබෙන්නේ උතුරු කොරියාවේ දේශසීමා තරණය කළ Travis King නැමැති අමෙරිකානු සොල්දාදුවා සිටින ස්ථානය පිළිබඳව ඉල්ලා සිටි තොරතුරුවලට ප්‍රථම වතාවට උතුරු කොරියාව ප්‍රතිචාර දක්වා ඇති බවයි.

 

 

මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කළේ Travis King අනවසරයෙන් දකුණු කොරියාවේ සිට දේශසීමා තරණය කළ සෙබළෙකු බවයි.

 

 

මෙම පුද්ගලයා 23 හැවිරිදි වියේ පසුවන අතර ජූලි 18 වන දින දකුණු කොරියාවේ සිට දේශසීමාව හරහා ගමන් කරමින් උතුරු කොරියාවට ළඟාවූ අතර එතැන් සිට කිසිදු තොරතුරක් ලබා ගැනීමට හැකියාව නොතිබුණ බව සඳහන් වේ.

 

 

උතුරු කොරියාවේ ප්‍රතිචාරය සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ලබා දීම එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රතික්ෂේප කර ඇති අතර සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් බව සඳහන් කර තිබෙනවා.

 

 

views

232 Views

Comments

arrow-up