STF වෙඩිපහරින් සැකකරුවෙක් මිය යයි

ඊයේ (19) රාත්‍රී මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන් කණ්ඩායමක් මිනුවන්ගොඩ හොරම්පැල්ල ප්‍රදේශයට ගොස් ඇති අතර එහිදී ඇති වු වෙඩි හුවමාරුවකදී සැකකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.
විශේෂ කාර්යය බළකා නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔහු ටී-56 ගිනිඅවියකින් වෙඩි තබා ඇති අතර එහිදී විශේෂ කාර්යය බළකා නිලධාරීන් ද වෙඩි තැබීමෙන් තුවාල ලැබු සැකකරු මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු ලෙස හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්යය බළකාය සහ මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
144 Views
Comments