මෙරට ක්ෂය රෝගීන් වාර්තාවීම ඉහළ යයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
21

මෙරට ක්ෂය රෝගීන් වාර්තාවීම ඉහළ යයි

මෙරට ක්ෂය රෝගීන් වාර්තාවීම ඉහළ  යයි

ක්ෂය රෝග මර්දන හා ලය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසන්නේ පසුගිය වසරට සාපේක්ෂව මෙරට තුළ ක්ෂය රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බවයි.

 

 

එම වැඩසටහන සඳහන් කළේ මේ වනවිට මෙරට තුළ ක්ෂය රෝගීන් 6,000ක් පමණ සිටින අතර ඔවුන්ගෙන් නිරෝගී පුද්ගලයින්ට ක්ෂය රෝගය පැතිරීම සිදුවන බවයි.

 

 

කුඩා දරුවන්ට එම බැක්ටීරියාව ශරීර ගතවූ විට දී ඔවුන්ගේ ශරීරයේ නොයෙකුත් අවයවවලට සිදුවන බලපෑමද ඉතා ඉහළ බව සඳහන් වේ. හේතුව වන්නේ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ දුර්වලතා වේ.

 

 

 

ක්ෂය රෝග මර්ධන හා ලය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඔනාලි රාජපක්ෂ මහත්මිය සඳහන් කළේ මෙම වසරේ පළමු කාර්තුව තුළ ක්ෂය රෝගීන් 2525 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.

 

 

views

266 Views

Comments

arrow-up