පාන් මිලටත් කරන්ට් වැදෙයි ද?
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
30

පාන් මිලටත් කරන්ට් වැදෙයි ද?

පාන් මිලටත් කරන්ට් වැදෙයි ද?

 

විදුලි බිල යළිත් වතාවක් සිදු කරොත් අනිවාර්යෙන් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යනු ඇති බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසනවා.

 

ඒ මහතා කියා සිටින්නේ විදුලිබිල දැනටමත් තිබුණු මුදලට වඩා දෙගුණයක් වී ඇති බැවින් නැවත වටයකින් විදුලිබිල වැඩි කළහොත් බේකරි කර්මාන්තකරුවන්ට කිසිසේත්ම දරාගත නොහැකි බවයි.

 

අද වන විට බේකරි කර්මාන්තයට අවශ්‍ය පාන් පිටි, බිත්තර සහ අනෙක් අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම, ඉන්ධන සහ විදුලිබිල වැඩි වීමත් හමුවේ බේකරි කර්මාන්තය විශාල බිඳ වැටීමකට ලක්වන බව ඔහු පෙන්වා දෙනවා.

views

28 Views

Comments

arrow-up