දුරකථන කුළුණ ඉවත් කර දෙන්නැයි ඉල්ලා මව දරුවා සමඟ මාරාන්තික උපවාසයේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
18

දුරකථන කුළුණ ඉවත් කර දෙන්නැයි ඉල්ලා මව දරුවා සමඟ මාරාන්තික උපවාසයේ

දුරකථන කුළුණ ඉවත් කර දෙන්නැයි ඉල්ලා මව දරුවා සමඟ මාරාන්තික උපවාසයේ

ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ අවිත්තාව, ගනේගොඩ ප්‍රදේශයේ ස්ථාපිත කර තිබෙන දුරකථන කුළුණක් මඟින් නිකුත් වන තරංඟ හේතුවෙන් දරුවන් විවිධ චර්ම රෝගවලට භාජනය වන බවත් පාසල් දරුවන්ට මේ නිසා විවිධ දුෂ්කරතා හටගන්නා බවත් පවසා එම කුළුණ ඉවත් කර දෙන ලෙස ඉල්ලා මෙවර ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වන දරුවෙකු සහ මවක් ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබුණි.

 

මීට ඉහතදී ද විදුලි කණුව ස්ථාපිත කර ඇති ස්ථානයේ කාන්තාවක් විසින් උපවාසයක් ආරම්භ කර බල බලධාරීන් දැනුවත් කළත් මෙතෙක් කිසිදු විසඳුමක් ලැබී නොමැති බව ප්‍රදේශවාසීන් පවසයි. 

 

මේ සම්බන්ධව ප්‍රාදේශීය ලේකම් චතුරංග ගුණසේකර මහතාගෙන් විමසූ අවස්ථාවේ ඔහු පැවසූවේ මේ පිළිබඳව තමා දැනුවත් බවත් අදාළ අංශ දැනුවත් කර ඇතත් මේ දක්වා විසඳුමක් ලැබී නොමැති බවත්ය. 

views

2207 Views

Comments

arrow-up