බැලුම් බෝට්ටුවකින් ඉන්දියාවට ගියේ කවුද?
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
25

බැලුම් බෝට්ටුවකින් ඉන්දියාවට ගියේ කවුද?

බැලුම් බෝට්ටුවකින් ඉන්දියාවට ගියේ කවුද?

උතුරේ සිට ඉන්දියාවට ගිය බවට සැක කෙරෙන බැලුම් බෝට්ටුවක් ඉන්දියාවේ තමිල්නාඩු වේදරායන් වෙරලේ අතහැර ගොස් තිබියදී තමිල්නාඩු පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙම බැලුන් බෝට්ටුව අසල තිබී පොම්පයක්, පාවහන්, ජැකට්, ඇස් කණ්ණාඩි, වතුර බෝතල් 18ක්, පාවෙන බෑග් වැනි ද්‍රව්‍ය කිහිපයක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

හුලන් පිරවීමෙන් පසු දෙදෙනෙකුට ඉතා සුවසේ ගමන් කිරීමට හැකි මෙම බැලුන් බෝට්ටුව පොලිසිය විසින් සොයාගන්නා විට අබලන් වී තිබූ බවටයි වාර්තා වන්නේ.

බෝට්ටුවෙන් පැමිණි පිරිස පලාගොස් ඇති බවට සැක කෙරෙන අතර මේ පිළිබඳ තමිල්නාඩු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

views

268 Views

Comments

arrow-up