පයාගල වෙරළේදී බෝට්ටුවක් හදිසියේ ගිනි ගෙන විනාශවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
03

පයාගල වෙරළේදී බෝට්ටුවක් හදිසියේ ගිනි ගෙන විනාශවෙයි

පයාගල වෙරළේදී බෝට්ටුවක් හදිසියේ ගිනි ගෙන විනාශවෙයි

බේරුවල, දකුණු පයාගල සතිපොල මායිම් වන මහා තුඩුව මා දැල් තොටුපොළ වෙරළ තීරයේ ගොඩට ඇද තිබූ මාදැල් ධීවර කර්මාන්තයේ යෙදෙන කුඩා බෝට්ටුවක් අද(03) ගිනි ගෙන විනාශ වී ඇතැයි පයාගල පොලීසිය කියයි.

 

මෙම බෝට්ටුවේ හිමිකරු පයාගල පොලිසියට කළ පැමිණිල්ල ඔස්සේ පරීක්ෂණ පවත්වන පොලිසිය  සඳහන් කළේ උදෑසන 5.30ට පමණ මෙම බෝට්ටුව ගිනි ගන්නා බවට පැමිණිල්ලක් ලැබුනු බවයි.

 

කිසියම් පුද්ගලයකුගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි යන්න විමර්ශන සිදුකරන බව පොලිසිය පැවසීය.


පොලිසිය පැවසුවේ එම ස්ථානයේම මීට කලකට පෙරද මෙවැනි බෝට්ටුවක් ගිනි ගැනීමට ලක්වූ බවයි.

views

641 Views

Comments

arrow-up