සැමියාගේ සහෝදරියගේ නිරුවත් චායාරූප Whatsapp කෙරූ බිරිඳක් පොලිසියට කොටු වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
10

සැමියාගේ සහෝදරියගේ නිරුවත් චායාරූප Whatsapp කෙරූ බිරිඳක් පොලිසියට කොටු වෙයි

සැමියාගේ සහෝදරියගේ නිරුවත් චායාරූප Whatsapp කෙරූ බිරිඳක් පොලිසියට කොටු වෙයි

තම සැමියාගේ සහෝදරියගේ නිරුවත් ඡායාරූප WhatsApp හරහා වෙනත් පුද්ගලයින්ට යැවූ 32 හැවිරිදි කාන්තාවක මහනුවර පරිගණක අපරාධ කොට්ඨාසය මගින් අද (10) දින මාතලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

 

වෙනත් පුද්ගලයින්ට WhatsApp මගින් තමාගේ නිරුවත් ඡායාරූප ප්‍රසිද්ධ කර තිබෙන බවට සැමියාගේ සහෝදරිය මහනුවර පරිගණක අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලකින් පසු විමර්ශන සිදු කර අදාළ කාන්තාව අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

 

පොලිසිය සඳහන් කළේ, සැකකාර කාන්තාව ඇගේ නෑනා සමග අමනාපයෙන් පසු වන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇති බවය.

 

සැකකාර කාන්තාව හා පැමිණිලිකාරිය යන දෙදෙනාම මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

 

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

views

23205 Views

Comments

arrow-up