කැලණිතිස්ස පණ ගද්දී සපුගස්කන්ද පණ අදී - යළි විදුලි කප්පාදුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
20

කැලණිතිස්ස පණ ගද්දී සපුගස්කන්ද පණ අදී - යළි විදුලි කප්පාදුවක්

කැලණිතිස්ස පණ ගද්දී සපුගස්කන්ද පණ අදී - යළි විදුලි කප්පාදුවක්

ඩීසල් ලැබී කැලණිතිස්ස බලාගාරය සක්‍රිය වන විට සපුගස්කන්ද බලාගාරය අක්‍රිය වෙමින් පවතින බව වාර්තා වෙනවා.

 

සපුගස්කන්ද විදුලි බලාගාරය සඳහා අවශ්‍ය දැවිතෙල් නොමැති වීම මතයි මේ තත්ත්වය උද්ගත වී ඇත්තේ.

 

ඊට අවශ්‍ය දැවිතෙල් ඇත්තේ හෙට දිනට පමණ බවයි වාර්තා වන්නේ.

 

හෙට දිනයෙන් පසු එය අක්‍රිය වීමට ඉඩ ඇති බව විදුලි ඉංජිනේරුවන් සදහන් කරනවා.

 

එසේ වුවහොත් හෙට දින සිට නැවත විදුලි කප්පාදුවක් සිදු වන බවයි එම ඉංජිනේරුවන් අනතුරු අඟවන්නේ.

 

කෙසේ නමුත් මේ තත්ත්වය මඟ හර ගැනීම සඳහා බලධාරීන් මේ වන විටත් සාකච්ඡා පවත්වනවා.

views

3075 Views

Comments

arrow-up