අහිතකර බැක්ටීරියා හමුවූ චීන සමාගමෙන් පොහොර ගැනීමට යළි අවධානය

කාබනික පොහොර සාම්පලවල අහිතකර බැක්ටීරියා හමුවුන චීන සමාගමෙන් යළිත් පොහොර සාම්පල් ලබාගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
එම සමාගම සිදුවූ වරද පිළිගනිමින් නියමිත ප්‍රමිතීන්ට අනුකූළව පොහොර ලබාදීමට එකඟ වූ බව අමාත්‍යවරයා පැවසුවේය.
කෙසේ නමුත් එම සමාගමෙන් පොහොර ලබාගන්නේ නියමිත ප්‍රමිතීන්වලට අනුව සකස් කර ඇති බවට සාම්පල පරීක්‍ෂාවේදී තහවුරු වුවහොත් පමණක් බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා සිටියේය.
එළඹෙන මහ කන්නය සඳහා පොහොර හිඟයකින් තොරව ගොවීන්ට ලබා දීමට හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.
758 Views
Comments