සිසුන්ට මත්කරල් විකිණු අයෙක්ට වැඩ වරදී

කළුතර ප්‍රදේශයේ උපකාරක පන්තිවලට සහභාගි වන සිසුන් ඉලක්ක කරගනිමින් මත් පෙති අලෙවි කිරීමේ නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ පුවතක් කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් වාර්තා කර තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර කිතුලාව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකි.
පොලීසිය පැවසුවේ, සැකකරු මත් පෙති 1010ක් ළඟ තබාගෙන සිටියදී කළුතර කලමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි. මෙම මත් පෙති රුපියල් 150 බැගින් අලෙවි කරමින් තිබූ බවටයි අනාවරණ වී ඇත්තේ. සොයාගත් කරල් රෝගීන්ට නියම කළ ඖෂධයක් බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර ඇත.
172 Views
Comments