පාසල් සිසුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
12

පාසල් සිසුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

පාසල් සිසුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

ඊයේ (11) දහවල් ලග්ගල පොලිස් වසමේ තොරපිටිය වැවේ දියනාමින් සිටි සිසුන් පිරිසක් අතුරින් එක් සිසුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

 

17 හැවිරිදි මාදම්පේ, හලාවත ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙක් එසේ මියගොස් ඇත.

 

 

හලාවත ප්‍රදේශයේ පිහිටි උපකාරක පන්තියක් මඟින් සංවිධානය කර තිබූ විනෝද චාරිකාවක් සඳහා පැමිණ මොරගහකන්ද ජලාශය නැරඹීමෙන් පසු තොරපිටිය වැවේ දිය නාමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

 

 

පොලීසිය පවසන්නේ සිසුන් 10දෙනෙකු පමණ දියනාමින් සිය ඇති බවයි.

 

 

මෘත ශරීරය දඹුල්ල රෝහලේ මෘත ශරීරාගායේ තැන්පත් කර ඇත.

 

 

වැඩිදුර විමර්ශන ලග්ගල පොලීසිය විසින් සිදුකරයි.

views

210 Views

Comments

arrow-up