DEC
17
ඉදිරියේ දී සහල් මිල ඉහළ යා හැකි බව වී මෝල් හිමියන් පවසයි

විදේශ රටවලින් සහල් ආනයනය කිරීම නතර කිරීමට රජය ගෙන ඇති තීරණයක් සමඟ ඉදිරියේ දී පැමිණෙන උත්සව සමයේ දී සහල් මිලෙහි ඉහළ යෑමක් සිදුවිය හැකි බව ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසයි.
දැනටමත් වී කිලෝවක මිල රුපියල් 115 දක්වා ඉහළ ගොස් ඇති බව එම සංගමයේ සභාපති යූ.කේ.සේමසිංහ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවක දී පවසා තිබුණි.
මෙම තත්ත්වය මත සහල් ආනයනය නතර කිරීමේ වාසිය ගොවීන්ට සහ පාරිභෝගිකයන්ට නොලැබෙන බව ඒ මහතා පවසයි.
258 Views
Comments