අද ක්‍රිකට් මැච් එකේ කහපාට අඳින එක පොහොට්ටුවේ කැම්පේන් එකක්?
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
24

අද ක්‍රිකට් මැච් එකේ කහපාට අඳින එක පොහොට්ටුවේ කැම්පේන් එකක්?

අද ක්‍රිකට් මැච් එකේ කහපාට අඳින එක පොහොට්ටුවේ කැම්පේන් එකක්?

අද(24) කොළඹදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා අවසන් එක්දින තරඟයේදී ඔස්ට්‍රේලියාවට ස්තූති කිරීමට කහපැහැති ටීෂර්ට් ඇදගෙන පැමිණෙන ලෙසට ගෙන යන ප්‍රචාරය පොහොට්ටුවේ කණ්ඩායමක් විසින් ගෙන යන ප්‍රචාරක ව්‍යාපාරයක් බවට මත පලවී ඇත.


මෙම කණ්ඩායම පොහොට්ටුවේ සිට මේවනවිට ස්වාධිනව සිටින අතර ඉදිරියේදී කහපාට යටතේ වෙනම දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සූදානමින් සිටින බව අසන්නට ලැබේ.

 

ඒ අනුව ඔවුන් එක්තරා කණ්ඩායමකට මෙහි ප්‍රචාරක ව්‍යාපාරය බාරදී ඇතැයිද දැනගන්නට ඇත.

 

ඒ අනුව මෙම කණ්ඩායම විසින් ඉකුත් දින කිහිපය පුරා අද දින කහ පැහැති ටී ෂර්ට ඇඳ තරඟය නැරඹීමට එන ලෙසට ප්‍රචාරයක් ගෙන යමින් සිටියේය.

 

පසුගිය දිනෙක ඩිලාන් පෙරේරා සඳහන් කරන්නේ නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීමට සූදානමින් සිටින බවත් එහි පැහැය කහ පාට බවත්ය.

 

එමෙන්ම ඉකුත් ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරවීමට කඩේ ගිය ඉරාජ් වීරරත්, චතුර අල්විස් වැනි පුද්ගලයන්ද මෙම ප්‍රචාරක ව්‍යාපාරයට එක්ව සිටීමද සැකයට තුඩු දෙන්නක් බව බොහෝ දෙනාගේ මතය වී ඇත.

views

300 Views

Comments

arrow-up