ලංකාවට ඉන්ධන දෙන්න ලෝකෙ කිසිම රටක් කැමති නැ...!

අද වන විට ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා දීම සඳහා කැපුම්කරුවන් කිසිවෙකු ඉදිරිපත් නොවෙන තත්ත්වයක් උද්ගතවී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.
තෙල් සංස්ථාව කොපමණ ටෙන්ඩර ඉදිරිපත් කලද සැපයුම්කරුවන් ඉදිරිපත් නොවන බව ද හෙතෙම පැවසීය.
ඊට හේතු වී ඇත්තේ බොහෝ සැපයුම්කරුවන් ගෙවිය යුතු මුදල් බොහෝ කාලයක් තිස්සේ නොගෙවීම බව ද ඇමැතිවරයා සඳහන් කරයි.
වෙනදා මාස හයක හෝ අවුරුද්දක ණය ගෙවීමේ කාලයක් සහිතව ඉන්ධන ලැබුණද අද ඉන්ධන ලබා දෙන්නේ අත්පිට මුදලට පමණක් බවද හෙතෙම කියා සිටියි.
ඒ අනුව මෙම ජුනි මාසය සඳහා පමණක් ඉන්ධන සඳහා ඩොලර් මිලියන 550ක අවශ්‍යතාවයක් ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
880 Views
Comments