මෙහෙම වැඩ කරන්න බෑ - තවත් කෘෂිකර්ම සභාපතිවරයෙක් අස්වීම දී ගෙදර යයි

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සභාපති ධුරය දැරු නීතීඥ ප්‍රේමචන්ද්‍ර ඈපා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍යවරයා ගේ ඇතැම් පත් කිරීම සම්බන්ධයෙන් සභාපති වරයා මීට පෙර අවස්ථා කිහිපයකම සිය අප්‍රසාදය පලකර සිටියා.
ඇතිවී ඇති තත්වය යටතේ තමාට තවදුරටත් හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීමට නොහැකි වීම හේතුවෙන් තමා මෙලෙස තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි ඔවුන් වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ.
905 Views
Comments