ඒ කුණු කන්ද වෙනුවෙන් අපට ගෙවන්න වෙනවා -විජිත හේරත්

චීනයෙන් සහ ඉන්දියාවෙන් ගෙන්වන පොහොර සම්බන්ධ ගනුදෙනු පිළිබඳව ඊයේ (03) ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී විජිත හේරත් අනාවරණයක් කළේ ය.
චීනයෙන් කාබනික පොහොර ගෙන්වීමේ ගනුදෙනු මේ වනවිට අර්බුදයකට පත්ව ඇත්තේ ශාක නිරෝධායන සේවය ඒවායේ අහිතකර බැක්ටීරියා ඇතැයි තහවුරු කිරීම හේතුවෙනි.
මෙම අහිතකර බැක්ටීරියා අඩංගු පොහොර මිලදී නොගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළ ද මෙට්‍රික් ටොන් විසි දහසක චීන කාබනික පොහොර රැගත් නැවක් මේ වනවිට මෙරට මුහුදේ රැඳී සිටී.
එම පොහොර සඳහා අදාළ ණයවර ලිපිවලට ගෙවීම් කිරීම මේ වනවිට අත්හිටුවා ඇත්තේ කොළඹ වාණිජ මහාධිකරණය කළ නියෝගයකට අනුවයි.
නමුත් ණයවර ලිපි සඳහා ගෙවීම් කිරීමට සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මන්ත්‍රීවරයා අද අනාවරණය කළේ ය.
685 Views
Comments