සිරිල් ගාමිණි පියතුමන් අද CID යට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
28

සිරිල් ගාමිණි පියතුමන් අද CID යට

සිරිල් ගාමිණි පියතුමන් අද CID යට

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබද ජාතික ප්‍රකාශයක කමිටුවේ සාමාජික  සිරිල් ගාමිණි පියතුමන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇති බව වාර්තාවනවා.

 

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර නිලධාරියෙකුගෙන් අප කළ විමසීමකදි ඔහු සඳහන් කළේ සිරිල් ගාමිණි පියතුමන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව සිදුකර ඇති සිදුකර ඇති ප්‍රකාශයක් පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා සිදුකළ පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බවයි.

 

 

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මෙතෙක් තමන්ව නිශ්චිත දැනුවත් කිරීමක් සිදු කර නැතැයි අප කළ විමසීමකදී ගරු සිරිල් ගාමිණි පියතුමා සඳහන් කළා.

views

827 Views

Comments

arrow-up