විවාහ නොවී පවුල් කෑ කන්තලේ තරුණියගේ සිරුර බලංගොඩ ගෙයක එල්ලෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
21

විවාහ නොවී පවුල් කෑ කන්තලේ තරුණියගේ සිරුර බලංගොඩ ගෙයක එල්ලෙයි

විවාහ නොවී පවුල් කෑ කන්තලේ තරුණියගේ සිරුර බලංගොඩ ගෙයක එල්ලෙයි

බලංගොඩ හෙළකන්ද ප්‍රදේශයේ නිවසක තිබී මියගිය තරුණියකගේ සිරුරක් ඊයේ පෙරවරුවේ සොයාගත් බව බලංගොඩ පොලිසිය සඳහන් කරනවා.

 

මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ කන්තලේ ප්‍රදේශයේ පදිංචි හේරත් මුදියන්සේගේ දුෂානි ප්‍රියංකා නැමැති තරුණියකි.

 

ඇය මුහුණුපොතෙන් හඳුනාගත් තරුණයකු සමග මීට දින 12කට පෙර  ඔහුගේ නිවසට පැමිණ ඇති අතර නීත්‍යානුකූල විවාහයකින් තොරව ඔවුන් එකට ජීවත්ව සිට තිබෙනවා.

 

මෙම තරුණිය පසුගිය 19 වනදා රාත්‍රියේ නිවසේ සිට නොමැති අතර පසුදා ඇයගෙන් ප්‍රතිචාරයක් නොමැති වීම හේතුවෙන් ප්‍රදේශවාසීන්ගගේ සහාය ද ඇතිව කාමරයේ දොර කඩා බැලූ විට ඇගේ සිරුර කාමරයේ එල්ලෙමින් තිබී ඇත.

 

දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය බලංගොඩ මූලික රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ බලංගොඩ පොලිසිය විසින් සිදු කරයි.

views

54675 Views

Comments

arrow-up