අපේ රටේ කාබනික පොහොර වෑයම ජනපති ලොවට කියයි

කෘත්‍රිම පොහොර භාවිතය අවම කොට සෞඛ්‍ය ගැටලු විසඳා ගැනීමට සහ නයිට්‍රජන් අපද්‍රව්‍ය අඩුකර ගැනීමට ශ්‍රී ලංකාව පෙරමුණ ගෙන ඇතැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයින්ට දැනුම් දුන්නේ ය. ඒ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සංවාදයකදීයි.
එක්සත් ජාතීන්ගේ 76 වන සැසිවාරයේ සභාපති අබ්දුල්ලා ෂාහිඩ් මහතා විසින් කැඳවන ලද මිනිසා, පෘථිවිය සහ සෞභාග්‍ය උදෙසා දේශගුණික ක්‍රියාවලිය වර්ධනය කිරීම යන තේමාවෙන් පැවති රාජ්‍ය නායක සංවාදයට ජනාධිපතිවරයා ද සහභාගි විය.
සංවාදය පැවැත්වුණේ, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතාගේ ප්‍රධානත්වයෙනි.
ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ, 2050 දී කාබන් අවම කිරීමේ ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීම අරමුණ වන බවයි.
එමෙන්ම 2030 වනවිට ජාතික බලශක්ති අවශ්‍යතාවයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව සඳහන් කළ ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකාවේ වන වැස්ම ව්‍යාප්ත කිරීමට ද බලාපොරොත්තු වන බවයි.
784 Views
Comments