ජනපති නැවත සුපුරුදු නිවසේ පදිංචියට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
03

ජනපති නැවත සුපුරුදු නිවසේ පදිංචියට

ජනපති නැවත සුපුරුදු නිවසේ පදිංචියට

ජනපති රනිල් වික්‍රමසිංහ වාසය කළ කොල්ලුපිටිය පස්වන පටුමගේ නිවස පසුගිය අරගල සමයේ ගිනිබත් වීමෙන් පසු ඔහු වෙනත් ස්ථාන කිහිපයක පදිංචියට ගොස් තිබූ අතර මාස ගණනාවක ඇවෑමෙන් පිළිසකර කරන ලද පැරණි නිවසට ඔහු යළි පදිංචියට පැමිණ ඇති බව වාර්තාවේ.

 

පසුගිය බ්‍රහස්පතින්දා පවුලේ අය පමණක් සහභාගීවූ ගෙවැදීමේ උත්සවයකින් ඔහු බිරිය මෛත්‍රී සමග නිවසේ පදිංචියට පැමිණි බව දේශපාලන ආරංචි වාර්තා කරයි. ගතවූ කාලයේ ඔහු වාසය කළ ආරක්ෂිත ස්ථාන වැඩි ප්‍රසිද්ධියකට ලක් කරේ නැත. එම කිහිපය අතරින් අවසන් වරට පැජට් පාරේ නිවසේ සිට පස්වන පටුමගේ නිවසට ඔහු පැමිණ තිබේ.

 

කොල්ලුපිටියේ පස්වන පටුමග ආසන්නයේ නිවාස කිහිපයක්ම වික්‍රමසිංහ පවුලට අයත් ඒවා වන අතර රනිල් හා ඔහුගේ ඥාතීන් පදිංචිව සිටී. ජනපතිවරයා කුඩා කල රාජකීය විදයාලයේ අධ්‍යාපනය සදහා ගියේද ඒ ආසන්න මහගෙදර සිට පයින්ය. ඔහු ඡන්දය දෙන්නට යන්නේද ආසන්න කොළඹ විශ්ව විද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල වන කොලෙජ් හවුස් වෙතය.



අරගල සමයේ රනිල් වික්‍රමසිංහගේ නිවස ගිනි තැබීමෙන් පසු ඇතිවූ දේශපාලන අර්බුදය තුළ ඔහුට අගමැති තනතුරේ සිට ජනපති දක්වා යාමටද අවස්ථාව උදා විය. ඔහුගේ පොත් 5000 ක පමණ පුස්තකාලයද එහිදී ගිනිබත් වූ අතර නැවත එම පුස්තකාලය පිහිටුවීමට අවශ්‍ය කටයුතුද ඔහු සකසමින් පවතින බව වාර්තාවේ.

views

221 Views

Comments

arrow-up