දැරිය රවටා ගෙන ගොස් පවුල් කෑ චූන් පාන් වෙළෙන්දා අත්අඩංගුවට - බිරිඳ නිවුන් දරු ගැබිණියක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
04

දැරිය රවටා ගෙන ගොස් පවුල් කෑ චූන් පාන් වෙළෙන්දා අත්අඩංගුවට - බිරිඳ නිවුන් දරු ගැබිණියක්

දැරිය රවටා ගෙන ගොස් පවුල් කෑ චූන් පාන් වෙළෙන්දා අත්අඩංගුවට - බිරිඳ නිවුන් දරු ගැබිණියක්

බාලවයස්කාර දැරියක් අපහරණය කළ බව කියන චූන් පාන් වෙළෙන්දෙකු එඩේරමුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

රත්නපුර ප්‍රදේශයේ ස්ථිර පදිංචිය ඇති මෙම 29 හැවිරිදි පුද්ගලයා එඩේරමුල්ල ප්‍රදේශයේ කුලී පදනම මත පදිංචිවී සිටින අතර මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

 

සැකකරු වයස අවුරුදු 15ක් වයසැති පාසල් සිසුවියක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන විවාහ කරගන්නා බවට පොරොන්දු වී මිනුවන්ගොඩ ප්‍රදේශයේ කුලී නිවසක දැරිවිය සමඟ ජීවත් වෙමින් සිටියදී එඩේරමුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

 

සැකකරුගේ නීත්‍යානුකුල බිරිඳ නිවුන් දරු අපේක්ෂාවෙන් සිටින ගැබිණි මවක් වන බවත් මෙම සැකකරු මීට පෙර දෙවතාවක්ම මෙවැනි අපරාධ සිදුකර ඇති බවත් එම අවස්ථාවලදී පොලිසියට නොපැමිණ වින්දිත පාර්ශවයට මුදල් ලබාදී සිදුවීම් සමථයකට පත් කරගෙන ඇතිබවත් වැඩි දුර විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

 

එඩේරමුල්ල පොලිසිය වැඩිදුර පරික්‍ෂණ සිදුකරයි.

views

2743 Views

Comments

arrow-up