ටික්ටෝක් වීඩියෝව තරුණයාට මරු කැඳවයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
04

ටික්ටෝක් වීඩියෝව තරුණයාට මරු කැඳවයි

ටික්ටෝක් වීඩියෝව තරුණයාට මරු කැඳවයි

සමාජ මාධ්‍ය ජාලයක තිබූ වීඩියෝවක් සම්බන්ධ ආරවුලක් හේතුවෙන් ග්‍රෑන්ඩ්පාස්, මාදම්පිටිය පටුමග ප්‍රදේශයේ තරුණයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

 

පොලීසිය පැවසුවේ මෙලෙස මිය ගොස් ඇත්තේ 17 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවය.

 

ඊයේ (03) දහවල් මාදම්පිටිය පටුමග ප්‍රදේශයේ දී මෙම පිහි ඇනුම සිදුකර ඇති අතර තුවාලකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇත.

 

මෙම තරුණයා ඔහුගේ යහළුවන් දෙදෙනෙකු සමග මාදම්පිටිය මාර්ගයේ හේනමුල්ල රන්දිය උයන මහල් නිවාස සංකීර්ණය දෙසට යමින් සිටින විට ඔවුන් පසු පස පැමිණි මෙම තරුණයාව හඳුනන තවත් පිරිසක් විසින් ඔහුට තියුණු ආයුධයකින් පහර දී තිබූ බව පොලීසිය පැවසීය.

 

මරණකරු සමග ටික්ටොක් වීඩියෝවක් සම්බන්ධයෙන් ඇතිකරගත් ආරවුලක් හේතුවෙන් මෙම පිහි ඇනුම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

 

සැකකරුවන් මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

views

809 Views

Comments

arrow-up