සීතාවක ඔඩිසියේ තිරිංග දෝශය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් විමසිල්ලෙන්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
05

සීතාවක ඔඩිසියේ තිරිංග දෝශය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් විමසිල්ලෙන්

සීතාවක ඔඩිසියේ තිරිංග දෝශය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් විමසිල්ලෙන්

අද උදෑසන හතට කොළඹ කොටුවෙ සිට වග දුම්රිය ස්ථානය බලා ධාවනය කිරීමට නියමිතව තිබූ සීතාවක ඔඩිසි සංචාරක දුම්රිය එහි තිරිංග පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් මිනිත්තු හතළිහක් පමණ ප්‍රමාද වී ධාවනය කිරීමට කටයුතු යොදා තිබිණි.

 

කෙසේ වෙතත් දුම්රිය පද්ධතියේ ඇතිවූ තිරිංග දෝෂය හේතුවෙන් මිනිත්තු 40 ක් ප්‍රමාදවී ධාවනය වීමෙන් පසු වග දුම්රිය ස්ථානයට යන විට විනාඩි තිහක් පමණ ප්‍රමාද වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

දුම්රියේ තිරිංග පද්ධතියේ දෝෂය පිළිබඳ දෙපාර්තමේන්තු මට්ටමින් පරීක්ෂණයක් ආරම්භ කරන බව නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වී. එස්. පොල්වත්ත මහතා කියා සිටියේය.

 

මේ තිරිංග දෝෂය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද සඳහන් වේ.
 

views

223 Views

Comments

arrow-up