ආයෝජකයින් සුරක්ෂිත කිරීම සඳහා ජනපතිගෙන් කාර්ය සාධක බලකා 08ක්

යහපත් ආයෝජන අවස්ථා බිහි කිරීමට හා ආයෝජකයින් සුරක්ෂිත කිරීම සඳහා කාර්ය සාධක බලකා 08ක් ස්ථාපිත කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (01) උපදෙස් දී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කරයි.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කාර්ය සාධක බලකායක් බලගැන්වීමට නියමිත අතර මෙම කාර්ය සාධක බලකායන් රාජ්‍ය හා පෞද්ගලික අංශ ප්‍රධානීන්ගෙන් සමන්විත වේ.
නව ව්‍යාපාර ආරම්භ කිරීම, ඉදිකිරීම් බලපත්‍ර ලබාගැනීම, ව්‍යාපාර දේපළක් ලියාපදිංචි කිරීම, ණය ලබාගැනීම, සුළු පරිමාණ ආයෝජකයන් ආරක්ෂා කිරීම, දේශ සීමා හරහා වන වෙළදාම්, බදු ගෙවීම යනාදී ක්ෂේත්‍ර 08ක් මූලික කරගනිමින් ව්‍යාපාර කටයුතුවලට අදාළව සේවා සපයන රාජ්‍ය ආයතන ක්‍රියාත්මක කරන රෙගුලාසි හා ක්‍රියාපටිපාටි සියල්ල ආවරණය වන පරිදි මෙම බලකායන් බලාත්මක කර ඇත.
311 Views
Comments