අනුරාධපුර බන්ධනාගාරයේ වෙඩි තැබීමෙන් අයෙක් මරුට - තිදෙනකුට තුවාල (PHOTOS)

අද දින සවස අනුරාධපුර බන්ධනාගාරයේ තුල රැඳී සිටි රැඳවියන් පිරිසක් විසින් සිදුකරන ලද විරෝධතාවයක් හේතුවෙන් බන්ධනාගාරය නිලධාරීන් විසින් එය පාලනය කිරීමට යාමේදී යම් නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
ඒ අවස්ථාවේදී බන්ධනාගාරය තුල සිටි රැඳවියන් ඉන් මිදී පළා යාමට උත්සහ කර ඇති අතර, එම අවස්ථාවේදී එය වැළැක්වීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තැබීමක් සිදුකර ඇත.
එම වෙඩි තැබීම හේතුවෙන් රැඳවියන් පස් දෙනෙක් තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුලත් කර ඇති අතර ඔවුන් අතුරෙන් එක් අයෙක් මියගොස් ඇත.
සිද්ධිය හේතුවෙන් රැඳවියන් කිසිවෙක් බන්ධනාගාරයෙන් පැන ගොස් නොමැති අතර, කලහකාරී රැඳවියන් එළියට පැමිණීම වැළැක්වීම සඳහා අනුරාධපුර පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ කැරළි මර්ධන ඒකකය, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එම ස්ථානයට කැඳවා ඇති බවයි පොලිසිය සඳහන් කලේ.
782 Views
Comments