දිව්‍ය පූජා මාර්තු මස අවසන් වන තුරු නවත්වයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
14

දිව්‍ය පූජා මාර්තු මස අවසන් වන තුරු නවත්වයි

දිව්‍ය පූජා මාර්තු මස අවසන් වන තුරු නවත්වයි

මාර්තු මස අවසන් වන තුරු ඉරිදා දේව මෙහෙයන් හා විශාල වශයෙන් පිරිස් රැස්කර සිදුකෙරෙන දේව මෙහෙයන් පැවත්වීමෙන් වළකින ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් පවසයි.

 

අද සිට සති 2ක් කොළඹ, හලාවත පදවිවලට අයත් කතෝලික දේවස්ථානවල දේව මෙහෙයන් නොපැවැත්වීමට තීරණය  කර තිබෙනවා.

 

අද අගරදගුරු නිල නිවසේදී මාධ්‍ය හමුවක් කැඳවමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

 

මෙරට ප්‍රසිද්ධ කතෝලික දේවස්ථානවල, විශාල වශයෙන් පිරිස් රැස්කර සිදුකෙරෙන දේව මෙහෙයන් නවතා රජය ගෙනයන නිරෝධායන වැඩපිළිවලට සහාය දෙන ලෙස තමන් කතෝලික ජනතාවගෙන් සහ පියතුමල්ලාගෙන් ඉල්ලා සිටින බවත් උන්වහන්සේ ප්‍රකාශ කළා.

views

651 Views

Comments

arrow-up