පර්පෙෂුවල් ට්‍රෙෂරීස් අධ්‍යක්‍ෂ සුරේන්ද්‍රන් අත්අඩංගුවට – 18 තෙක් රිමාන්ඩ්

පර්පෙචුවල් ටේරෂරිස් සමාගමේ අධ්‍යක්ෂ මුත්තුරාජා සුරේන්ද්‍රන් ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතායි නියෝගය නිකුත් කළේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා. ඒ ඊයේ (06) නිකුත් කළ වරෙන්තු නියෝගයට අනුව.
ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර ගණුදෙනුවට අදාලව විභාග වන නඩුවේ සැකකරුවන් ලෙස නම්කර ඇති හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර රවී කරුණානායක මහතා ඇතුලු දස දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි අධිකරණය ඊයේ (06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ.
672 Views
Comments