ආසාදිත අයට ඉතාලියෙන් පැමිණෙන විටත් යම් අපහසුතාවයන් තිබිලා ! (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
14

ආසාදිත අයට ඉතාලියෙන් පැමිණෙන විටත් යම් අපහසුතාවයන් තිබිලා ! (VIDEO)

ආසාදිත අයට ඉතාලියෙන් පැමිණෙන විටත් යම් අපහසුතාවයන් තිබිලා ! (VIDEO)

නිරෝධානය මධ්‍යස්ථාන වල ක්‍රියාකාරීත්වය සහ කොරෝනා වෙෙරසයේ ව්‍යාප්තිය පිළිබද යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙලෙස අදහස් දැක්වුවා.

 

"මේ රටේ ශ්‍රී ලංකා යුධ හමුදා මගින් නිරෝධායන මධ්‍යස්ථාන ප්‍රධාන වශයෙන් හතරක් පවත්වාගෙන යනු ලබනවා. ඒ අාශ්‍රිතව කුඩා මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක වනවා.

 

දෙවැන්න ලෙස කන්දකාඩු වල නිරෝධායන මධ්‍යස්ථානයක් අරගෙන යනවා. ඒ අසළම පූනානිවල තවත් නිරෝධායන මධ්‍යස්ථානයක් කරගෙන යනු ලබනවා.

 

තුන්වෙනි නිරෝධායන මධ්‍යස්ථානය හැටියට දියතලාව කදවුර සහ යුද හමුදා රෝහලේ කරගෙන යනු ලබනවා.

 

ඊයේ උදෑසන වවුනියාවේ පොම්පමඩු ප්‍රදේශයේ තවත් නිරෝධායන මධ්‍යස්ථානයක් ආරම්භ කළා.

 

ඒ අනුව සියල්ලම ගත්කළ නිරෝධායන මධ්‍යස්ථාන වල එක්දහස් හත්සියයකට ආසන්න සංඛ්‍යාවක් නිරෝධායන වෙමින් පවතිනවා.

 

නිරෝධායන වන අය අතර විදේශිකයින් හත් දෙනෙක් සිටිනවා. ඉන් පස්දෙනෙක් කොරියන් ජාතිකයින් අනෙක් දෙදෙනා ඉරානයෙන් පැමිණියත් ඔවුන් කැනඩා සහ ඕස්ට්‍රේලියා ජාතිකයින් වනවා.

 

ඊයෙ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් හමුවූ ආසාදිතයින් දෙදෙනා ඉතාලියේ  සිට පැමිණෙන විටත් යම් අපහසුතාවකින් සිටි බව සඳහන් කර තිබුණා.

 

පළමු දවසේ සහ දෙවැනි දවසේත් ඒ වගේම ඊයේ දිනයේත් නිරෝධායනය සඳහා යොමුකරන විට කිහිපදෙනෙක්ගෙන් විරෝධතාවය පැවැතියත් ඔවුන්ගේ කැමැත්ත අකමැත්ත විමසීමේ අවශ්‍යතාවයක් නැහැ.

 

රටක් වශයෙන් ශ්‍රී ලංකා රජය විසින් දැනුම් දීමක් ලබාදීමෙන් අනතුරුවයි මෙම නිරෝධායන කටයුතු ආරම්භ කළේ.

 

ඒ නිසා මෙරටට පැමිණෙන සියලු දෙනාම ඒ අදාල රටවල් සඳහා නිරෝධායන කටයුතු අනිවාර්යයෙන් කළ යුතුයි.

 

විරුද්ධත්වය පළ කළ අයටත් දැන් තීරණය ඇති නිරෝධායන තියෙන වැදගත්කම."

 

 

 

views

716 Views

Comments

arrow-up