සියළු ආකාරයේ පොදු සහ පෞද්ගලික රැස්වීම්, උත්සව තහනම්!
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
14

සියළු ආකාරයේ පොදු සහ පෞද්ගලික රැස්වීම්, උත්සව තහනම්!

සියළු ආකාරයේ පොදු සහ පෞද්ගලික  රැස්වීම්, උත්සව තහනම්!

මහජනතාව විශාල වශයෙන් ගැවසෙන පොදු සහ පෞද්ගලික ප්‍රසිද්ධ රැස්වීම් මෙන්ම උත්සව වහාම ක්‍රියාත්මක වන පරිදි සති දෙකකට නතර කර ඇතැයි පොලීසීය පවසයි.

 

ඒ, වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මතයි.ඒ පිළිබදව ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ජනතාව දැනුවත් කරන්නැයි පොලිස්පතිවරයා සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් දී තිබෙනවා.

 

එම නීති කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළා.

 

ඊට අමතරව රෝග නිරෝධායන ක්‍රියාවලියට බලපෑම් කරන පුද්ගලයින් වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගන්නා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

 

ඒ, රෝග බෝ වීම හෝ පැතිරවීමට තුඩු දෙන ද්වේෂ සහගත ක්‍රියා සිදුකිරීම, රෝග නිරෝධායනයට බලපෑම් කිරීම මෙන්ම ජීවිත වලට අන්තරාදායක රෝගයක් පැතිරවීමට දායක වීම යන චෝදනා යටතේයි.

 

රෝග නිරෝධායන හා වැළැක්වීමේ ආඥා පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ පවතින විධි විධාන වලට අනූකූලව එවැනි පුද්ගලයින්ට එරෙහිව ක්‍රියා කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

views

832 Views

Comments

arrow-up