පාටි දා සූර්වී පැදවූ මෝටර් රිය යතුරුපැදියේ ගැටී ගුරුවරියට බරපතලයි - මෝටර් රියේ සිටි සුපිරි නලුවාට ගම්වාසීන්ගෙන් ගුටි පූජාවක්

ප්‍රසිද්ධ ටෙලිනාට්‍ය නළුවෙකු ඇතුළු සාදයකට සහභාගී වී එමින් සිටි සිව්දෙනෙක් ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථයක ඊයේ(04) පස්වරුවේ යතුරුපැදියක් ගැටී සිදුවූ අනතුරෙන් ජාත්‍යන්තර පාසලක ඉංග්‍රීසි ගුරුවරියක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි.
කළුතර උතුර, දෙදියවල ප්‍රදේශයේ පදිංචි ජාත්‍යන්තර පාසලක ඉංග‍්‍රීසි විශය උගන්වන ගුරුවරියක් මෙලෙස තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
මෙම නළුවා තවත් මිතුරන් තිදෙනෙකු සමඟ සාදයකට ගොස් මෝටර් රථයෙන් කළුතර දෙස සිට වාද්දුව දෙසට ආපසු එමින් සිටියදී, මාර්ගයේ දකුණු පසට හැරවීමට සංඥා දල්වමින් තිබූ යතුරුපැදියක පසුපස ගැටී එහි සිටි ගුරුවරිය මීටර් 10ක් පමණ ඈතට විසිවන අයුරු අසල තිබූ සීසීටීවී කැමරාවක පටිගත වී ඇතැයි පොලිසිය පවසයි.
ප්‍රදේශවාසීන් එක්ව මාර්ගයේ ඇදවැටී විලාප නගමින් සිටි ගුරුවරිය ත්‍රීරෝද රථයක නංවා නාගොඩ රෝහලට යොමු කර ඇති අතර ඇය ඊයේ දිනම ශල්‍යකර්මයක් සඳහා යොමු කිරීමට නියමිතව තිබිණි.
සුපිරි මෝටර් රියේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මත්පැන් පානය කර ඇති බවට පොලිසිය සිදුකළ පරීක්ෂණයේදී තහවුරු වී තිබේ.
බීමත්ව සිටි පිරිස ප්‍රදේශවාසීන් සමඟ උණුසුම් වචන හුවමාරුවක් සිදුව පසුව එය ගුටි බැට හුවමාරුවක් දක්වා වර්ධනය වූ බවත් සිද්ධිය ඇසින් දුටුවෝ පැවසූහ.
ගුටි කෙළිය අතරතුර උණුසුම් වචන පාවිච්චි කළ ප්‍රවීණ රංගන ශිල්පියාද දැඩි ප්‍රහාරයකට ලක්ව තිබේ.
797 Views
Comments