විදෙස් සංචාරකයින් බෙදා ගන්න බැරිව ගයිඩ්ලා පිහි හරඹයක
විදේශගත ඔබට
Latest_News
calendar
APR
19

විදෙස් සංචාරකයින් බෙදා ගන්න බැරිව ගයිඩ්ලා පිහි හරඹයක

විදෙස් සංචාරකයින් බෙදා ගන්න බැරිව ගයිඩ්ලා පිහි හරඹයක

විදේශීය සංචාරකයන් බෙදා ගැනීමට අදාළ වචන හුවමාරුවකින් පසු සංචාරක මඟ පෙන්වන්නෙකුට පිහියෙන් ඇන තුවාල සිදුකළ බව කියන තවත් සංචාරක මඟ පෙන්වන්නකු උතුරු කළුතර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

 

මෙම සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ කුඩා වස්කඩුවේ පදිංචිකරුවකු වූ කරුණාමුණි සුමිත් රොෂාන් ද සිල්වා (අවු. 39) නම්වූ අයෙකි.

 

ඉකුත් 16 වැනිදා සවස 4.15ට පමණ තමා වස්කඩුව සොහොන අසලදී සැකකරුට කතාකර තමා මඟ පෙන්වමින් සිටි විදේශීය සංචාරකයන් රවටාගෙන සංචාරවල ගෙන ගියා නේදැයි විමසූ විට ඔහු එක්වරම පිහියක් ඇද තමාට ඇන්න බව තුවාලකරු පොලිසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන් වේ.

views

99 Views

Comments

arrow-up