ලංකා හොස්පිට්ල්ස් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් විකුණන්න සූදානමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
21

ලංකා හොස්පිට්ල්ස් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් විකුණන්න සූදානමක්

ලංකා හොස්පිට්ල්ස් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් විකුණන්න සූදානමක්

ලංකා හොස්පිට්ල්ස් පී. එල්. සී. සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පී. එල්. සී. යන සමාගම් වල රජය සතු කොටස් වල හිමිකාරීත්වය විකුණා දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බව වාර්තා වේ. භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් එම ආයතන වල අධ්‍යක්ෂ මණ්ඩල වලට මේ සම්බන්ධයෙන් දැනුම් දී තිබෙන බව ද වාර්තා වේ. 

 

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයෙන් 49.50% ක කොටස් අයිතිය මහා භාණ්ඩාගාරය සතු වන අතර ලංකා හොස්පිට්ල්ස් පී.එල්. සී. හි කොටස් ප්‍රාග්ධනයෙන් 51.34% ක හිමිකාරීත්වය පවතින්නේ රජය වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුවයි.

 

මේ පිළිබඳ අදහස් දක්වන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පවසන්නේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ස්ථාපිත, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය විසින් හඳුන්වා දී ඇති පරිදි මෙම කොටස් විකිණීම ඉදිරියේදී සිදුවනු ඇති බවයි. එසේම, ලංකා හොස්පිට්ල්ස් පී. එල්. සී. සමාගම විසින් ද මේ පිළිබඳ  නිවේදනයක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ.
 

views

295 Views

Comments

arrow-up