ජනතාව හිඟා නොකා හිඟාකද්දී රජයෙන් තවත් සුපිරි වියදමක් - රාජ්‍ය උත්සවයක වියදම ලක්ෂ 62යි

ජාතික අයවැය චක්‍රලේඛ මගින් රජයේ වියදම් දැඩි ලෙස පාලනය කළ යුතු බව දන්වා තිබියදී ජාතික ශිල්ප සභාව සංවිධානය කරනු ලැබූ වාණිජ වේවැල් වගාව පිළිබද රාජ්‍ය උත්සවය සදහා රුපියල් 6,206,150ක වියදමක් දරා ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙම රාජ්‍ය උත්සවය 2021 ජනවාරි මස 21 වැනි දින පුත්තලම වනතාවිල්ලුව රාල්මඩුව ග්‍රාම නිලධාරී වසමේ දී පවත්වා ඇති බව වාර්තාවේ.
රජයේ වියදම් දැඩි ලෙස පාලනය කළ යුතු නිසා මූල්‍ය කළමනාකරණයක් හා මූල්‍ය විනයක් පවත්වා ගෙන යා යුතු බවට අවධාරණය කර තිබියදී මෙම වියදම දරා තිබූ බව විගණනය මගින් අනාවරණය කොට තිබේ.
මෙම ජාතික උත්සවය ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට සැලසුම් කළ බවත් වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මේ මේ සඳහා රුපියල් මිලියන 04ක් හා දීප ව්‍යාප්ත ප්‍රචාරණයක් ලබාදීමට වාර්තාමය වැඩසටහනක් සකස් කිරීමට රුපියල් මිලියන 02ක් වැය කළ බව ජාතික ශිල්ප සභාවේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට තිබේ.
ජාතික ශිල්ප සභාව සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාළව මෙම විගණන වාර්තාව නිකුත් කොට තිබුණි.
247 Views
Comments