පෙම්වතිය සමග ලැගුම්හලක කුඩු පැකට් කරමින් සිටි කොස්තාපල් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
06

පෙම්වතිය සමග ලැගුම්හලක කුඩු පැකට් කරමින් සිටි කොස්තාපල් අත්අඩංගුවට

පෙම්වතිය සමග ලැගුම්හලක කුඩු පැකට් කරමින් සිටි කොස්තාපල් අත්අඩංගුවට

ලැගුම්හලක් තුළ සිය පෙම්වතිය සමඟ මත් කුඩු ඇසුරුම් කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු පසුගිය 4 වනදා තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන  අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

මෙම පොලිස් කොස්තාපල්වරයා හුංගම පොලිසියට අනුයුක්තව සේවය කරන අයෙකු වන අතර ඔහු මෝටර් රථයකින් සිය පෙම්වතිය සමග ලැගුම් හලකට පැමිණ එය තුළ දී මත්කුඩු ඇසුරුම් කරමින් සිටියදීයි මෙලෙස අත්අඩංගුවට ගැනුනේ.

 

ඔවුන් සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 28යි මිලිග්‍රෑම් 580ක් සහ කාන්තාව පැමිණි මෝටර් රථයද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.


කොස්තාපල්වරයා සහ පෙම්වතිය මේ වෙනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන අතර පෙම්වතිය තලල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41ක් වන තැනැත්තියකි.

 

කොස්තාපල්වරයා මත්කුඩු ජාවාරම සඳහා යොමු කරගෙන ඇත්තේ ඇය විසිනි.

 

සැකකරුවන ඊයේ අගුණකොලපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

views

1046 Views

Comments

arrow-up