ඉන්ධන ආනයනය කිරීම පිටුපස මහා වංචාවක්

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජේෂ්ඨ උපදේශක ශාන්ත ජයරත්න මහතා අන්තර්ජාල නාලිකාව සාකච්චාවකදී මෙරට ඉන්ධන ආනයනය කිරීම පිටුපස මහා වංචාවක් සිදුවන බව පවසා සිටියේය.
රජයේ අමාත්‍යවරයකු ද මීට සම්බන්ධ යයි වාර්තා වන බවත් ප්‍රනාන්දුලා කිහිපදෙනෙකු මෙයට එක්වී ඇති බවත් ඔහු සඳහන් කර සිටියේය.
එතුමා වැඩිදුරටත් පවසා සිටියේ හදිසි මිලදී ගැනීම් සඳහා ආණ්ඩුව සහ තෙල් සංස්ථාවේ පිරිස් වැඩි කැමැත්තක් දක්වන බවත් එමගින් වංචාකාරීව ගනුදෙනු සිදු කිරීමට හැකිවන නිසා බවත් ඉන්ධන අර්බුද විසදීමට අවශ්‍ය මුදල් රට තුල ඇති නමුත් මෙම රාජපක්ෂ ආණ්ඩුව අර්බුදය විසඳීමට විධිමත් ක්‍රියාමාර්ග නොගන්නා බවයි.
එමෙන්ම ඔහු අවධාරණය කරන්නේ රට තුළ ඇති මෙම අර්බුදය නිර්මාණය කොට එමගින් ඔවුන්ට අවශ්‍ය අනෙක් සැලසුම් ක්‍රියාත්මක කරන බවයි.
272 Views
Comments