JUN
17
කන්කසන්තුරේට විශේෂ දුම්රියක්

වායුසමනය කල ආසන 520කින් යුත් නව ශීඝ්‍රගාමී විශේෂ දුම්රියක් කන්කසන්තුරේ සිට සති අන්තවලදී ගමන් ආරම්භ කිරීමට නියමිතයි.
ඒ අනුව මෙම නව දුම්රිය යාපනය කන්කසන්තුරේ දුම්රිය ස්තානයෙන් රාත්‍රී 10ට ගමන් ආරම්භ කරන අතර ගල්කිස්ස දුම්රිය ස්තානය දක්වා ගමන් කිරීමට නියමිතයි.
පළමු පන්තියේ මැදිරි 10කින් යුත් මෙම දුම්රියේ එක් ආසනයක් සඳහා රුපියල් 2800ක මුදලක් අයකරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්. පොල්වත්තගේ මහතා ප්‍රකාශ කර සිටියා.
227 Views
Comments