එළුවන්ට වෙන්න යන දේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
01

එළුවන්ට වෙන්න යන දේ

එළුවන්ට වෙන්න යන දේ

එළුවන් සඳහා රක්ෂණාවරණයක් ලබා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම් කර ඇති බව කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්.එම්.එම්.බී. වීරසේකර විසින් ඒ බව ඉකුත් දා (මැයි 30) කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

 


පශු සම්පත් පාලනයේදී රජය ඉදිරි වසර පහ තුළ එළුවන් 70,000ක් ලබා දීමේ වැඩපිළිවෙළ යටතේ මේ අයුරින් එළුවන් සඳහා ද රක්ෂණාවරණයක් ලබා දීමට සැලසුම් කොට ඇති අතර සාමාන්‍යයෙන් එළුවෙකුගේ වටිනාකම රුපියල් ලක්ෂයක් පමණ වන බව ඇස්තමේන්තු කොට තිබේ.

 


වාර්ෂිකව රුපියල් 400ක රක්ෂණ දායකත්වයක් මගින් එළුවන් රක්ෂණය කිරීමට අවස්ථාව සලසා දෙන අතර එළුවන් සොරකම් කිරීමකදී හෝ හදිසි මරණයට පත් වූ විට උපරිම වන්දියක් ලබා දීමට මේ හරහා කටයුතු යොදා ඇත.
 

views

177 Views

Comments

arrow-up