තම ලෙයින් උපන් දියණියට හදි කළ පොලිස් සැරයන් රිමාන්ඩ්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින තම දියණියට ලිංගික අතවර කිරීමේ චෝදනාවට ගම්පොළ පොලිස් කොට්ඨාසයට අයත් පොලිසියක සේවය කරන සාජන්වරයෙකු අද(24) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගම්පොළ මහේස්ත්‍රාත් නාමල් පෙරේරා මහතා නියෝග කළේය.
ඔහු ගම්පොළ, වැවතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක්වේ.
ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පැවැත්වූ ගම්පොළ පොලිසිය අනාවරණය කරගෙන තිබෙන්නේ නිවසේ තනිව සිටි දියණියගේ කාමරයට රාත්‍රී කාලයේ ගිය මොහු මෙම ලිංගික අතවරය කර ඇති බවයි.
සැකකරු සිය බිරිඳ සමඟ ඇති පවුල් ආරවුලක් මත ඇය ඇගේ අම්පාර ප්‍රදේශයේ පිහිටි නිවසට ගොස් සිටියදී මෙම සිද්ධිය සිදුවී ඇති බවද අනාවරණය වී තිබෙන අතර සිද්ධිය පිළිබඳව පොලිසිය වෙත පැමිණිලි ලැබී තිබුණි.
වසර 35ක පමණ පොලිස් සේවා කාලයක් තිබෙන මෙම සැකකරුගේ දිගින් දිගටම පැවති පවුල් ආරවුල් හේතුවෙන් ඔහු යළි අම්පාර ප්‍රදේශයට මාරු කිරීමට සූදානමින් සිටියදී මෙම චෝදනාවට හසුව ඇත.
709 Views
Comments