ජීවිත 13ක් බිලිගත් ඇල්ලවල ඇල්ල වසා දමයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
03

ජීවිත 13ක් බිලිගත් ඇල්ලවල ඇල්ල වසා දමයි

ජීවිත 13ක් බිලිගත් ඇල්ලවල ඇල්ල වසා දමයි

වැල්ලවාය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් ඇල්ලවල ඇල්ල නැරඹීමට පැමිණි සංචාරකයන් දිය නෑමට ගොස් දියේ ගිලීමෙන් කෙටි කලක් තුළ දහතුන් දෙනෙකු මිය යාම නිසා ඇල්ලවල ඇල්ල නැරඹීමට පැමිණීම දෙස්, විදෙස් සංචාරකයන්ට තහනම් කළ බව වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.ඩී. හරමානිස් මහතා පැවසීය. 

 

පෙරේදා (01) ඇල්ලවල ඇල්ල නැරඹීමට පැමිණි පිරිසක් දිය නාමින් සිටි අතරවාරේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු සහ තවත් පාසල් ශිෂ්‍යයෙකු දියේ ගිලී මිය යාම මෙසේ ඇල්ලවල ඇල්ල නැරඹීම දෙස් විදෙස් සංචාරකයන්ට තහනම් කිරීමට හේතු විය. අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවන් හත්දෙනෙකු ගාල්ල ප්‍රදේශයට යන අතරමගදී ඇල්ලවල ඇල්ල නැරඹීමට ගොස් ඇත. ඔවුන් ඇල්ලවල ඇල්ලට බැස දියනාමින් සිටියදී තිදෙනෙකු දියේ ගිලී තිබිණි.

 

ඉන් එක් අයෙකු දිවි බේරාගෙන ඇති අතර අනෙක් දෙදෙනා දියේ ගිලී ඇත. ප්‍රදේශවාසීන් එම දෙදෙනාගේ මළසිරුරු ගොඩගෙන ඇත. මිය ගිය දෙදෙනා අතරේ සිටි අක්කරපත්තුව කොට්ඨාස 7 පදිංචි අබ්දුල් හසීස් ගයාසි (21) මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි අතර මියගිය අමීම් රිසාඩ් (22) යන අය මොරටුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අයෙකි. 

 

මෙම තත්ත්වය පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වමින් ප්‍රාදේශීය සභා සභාපතිවරයා මෙසේ කීය.

 

"ඇල්ලවල ඇල්ල නැරඹීමට පැමිණි දහතුන් දෙනෙකු මේ වනවිට දියේ ගිලී මිය ගොස් තිබෙනවා. දිය නෑම තහනම් කර ඇති බවට නාමපුවරු සවිකොට කම්බි වැටක් ද ඉදිකර තිබෙනවා.

 

ඒවා සැලකිල්ලට නොගෙන හිතුමතේ දිය නෑම නිසා තමයි තරුණ ජීවිත රැසක් මේ විධියට අහිමිවී තිබෙන්නේ. සුදුසු වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන තුරු ඇල්ලවල ඇල්ල නැරඹීම සියලුම දෙස් විදෙස් සංචාරකයන්ට තහනම් කරනවා."

views

689 Views

Comments

arrow-up