15 හැවිරිදි දැරිය අපයෝජන සිද්ධිය - දැරියගේ මවට ඇප

15 හැවිරිදි බාල වයස්කාර දැරිය දූෂණය කිරීම, විකිණීම සහ එම කටයුතුවලට ආධාර අනුබල දීමේ ක්‍රියාවලියට සම්බන්ධ සියලුම සැකකරුවන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය අද(07) කාන්තා හා ළමා කාර්යාංශයේ නිලධාරීන්ට නියෝග කළාය.
සිද්ධිය සම්බන්ධව විධිමත්ව විමර්ශන සිදුකර සවිස්තරාත්මක කරුණුද සමඟ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මෙහිදී මහෙස්ත්‍රාත්වරිය දැනුම් දුන්නාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි දැරියගේ මව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස මහෙස්ත්‍රාත්වරිය විසින් නියෝග කර තිබේ.
1204 Views
Comments